ඔබේ බදු වාර්තාව යොමු කිරීම
බදු වාර්තා ජූලි 1 සිට ජූනි 30 දක්වා වූ මුදල් වර්ෂය ආවරණය කරන අතර ඔබම ඔබේ බදු වාර්තාව යොමු කරන්නේ නම් ඔක්තෝබර් 31 ඒ සඳහා වන අවසාන දිනයයි.
myTax සමග යොමු කිරීම
MyTax යනු ඔබේ බදු වාර්තාව ජාලගතව යොමු කිරීමට ඇති වේගවත්, පහසු, නිරුපද්‍රිත සහ ආරක්ෂාකාරීම ක්‍රමයයි. එය අන්තර්ජාලය හරහා සිදු වෙයි, එනිසා ඔබට කිසිවක් බාගත කිරීමට අවශ්‍ය නොවන අතර පරිගණකය, ස්මාර්ට්ෆෝන් හෝ ටැබ්ලට් වැනි ඕනෑම උපකරණයක් භාවිතයෙන් ඔබේ බදු වාර්තාව යොමු කළ හැකිය - ඔක්තෝබර් 31කට පෙර යොමු කිරීමට වග බලා ගන්න.
ජාලගතව බදු වාර්තාවක් යොමු කිරීම සඳහා ඔබට ATO හා සබැඳි myGov ගිණුමක් තිබිය යුතුය. තමන්ගේ බදු වාර්තාව සම්පූර්ණ කරන සියලුම දෙනාටම (තනි ව්‍යාපාරිකයන්ද ඇතුළත්ව) MyTax විවෘතය.
MyTax වලට ප්‍රවේශ විය හැක්කේ myGov තුළිනි. මෙම සබැදිය මත ක්ලික් කිරීමෙන් ඔබව ato.gov.au වෙබ් පිටුවෙන් ඉවතට ගෙන යනු ඇත. වෙබ් පිටුවට ඇතුළු වීමෙන් අනතුරුව, මෙම මනු විකල්ප අනුගමනය කරන්න: Tax > Lodgments > Income tax.
myTax ඔබේ බදු වාර්තාව සැකසීම අරඹන්නපහත සඳහන් දෑද බලන්න:
නරඹන්න:
මෙම වීඩියෝව myGov ගිනුමක් සකසා ගන්නා ආකාරය සහ එය ATO ට සම්බන්ධ කරන ආකාරය පෙන්වයි.
නියමිත කාලය
ඔබේ බදු වාර්තාව ඔක්තෝබර් 31ට පෙර යොමු කළ යුතුය.
ඔබම ඔබේ බදු වාර්තාව පිළියෙළ කරන්නේ නම් සහ එය ඔක්තෝබර් 31 වන විට යොමු කිරීමට නොහැකි නම්, අපට කතා කරන්න.
බොහෝ බදු නියෝජිතයන්ට විශේෂ යොමු කිරීමේ වැඩසටහන් ඇති අතර ඔවුන්ට ඔවුන්ගේ සේවාදායින් සඳහා වන බදු වාර්තා පොදු නියමිත දිනය වන ඔක්තෝබර් 31දාට පසුවද යොමු කළ හැකිය. ඔබ ලියාපදිංචි බදු නියෝජිතයකු භාවිත කරන්නේ නම්, ඔවුන් ඔක්තෝබර් 31 දිනට පෙර ඇමතීමට මතක තබා ගන්න.
ඔබේ බදු වගකීම් ඉටු කිරීමට දුෂ්කරතාවක් ඇත්තේ නම්, හැකි ඉක්මණින් අපව අමතන්න.
ඔබට නියමිත කාලය මග හැරුණේ නම්
නියමිත දිනය පහු වූ නමුත්, ඔබට හැකි ඉක්මණින් බදු වාර්තාව යොමු කිරීම වැදගත්ය.
ඔබ බදු බිල්පතක් අපේක්ෂා කරන්නේ නම්, යොමු කිරීම පමා කරන්න එපා. නියමිත දිනට ගෙවීමට අපහසුතාවක් ඇත්තේ නම්, හැකි ඉක්මණින් අපව අමතන්න; එවිට ඔබේ වාතාවරණයට ගැළපෙන ආකාරයේ පහසු ගෙවීමේ සැලසුමක් පිළියෙළ කිරීම සඳහා අපට ඔබ හා එක්ව ක්‍රියා කළ හැකිය.
මෙයද බලන්න:
ගෙවීම සඳහා උපකාර
Tax returns cover the financial year from 1 July to 30 June and are due by 31 October. Lodging online with myTax is the easiest way to do your own tax. You can also lodge with a paper tax return or through a registered tax agent - Sinhalese translation.