ATO logo

සිංහල / Sinhalese

Tax and super information in Sinhalese.

Last updated 12 August 2026

ඕස්ට්‍රේලියානු බදු කාර්යාල (Australian Taxation Office (ATO)) වෙබ් අඩවිය වෙත වෙත සාදරයෙන් පිළිගනිමු

මෙම පිටුවල ඕස්ට්‍රේලියාවේ බදු සහ විශ්‍රාම පාරිතෝෂික (සුපර්) සම්බන්ධ ඔබගේ අයිතිවාසිකම් සහ යුතුකම් පිළිබඳ අවබෝධ කර ගැනීමට උපකාර වන කරුණු අඩංගුවී ඇත.

මෙම වෙබ් පිටුවල ඔබගේ අවස්ථාවට ගැලපෙන කරුණු නැති බව හැඟේ නම්, හෝ ඒවා ඔබට අදාල වන ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි නැතිනම්, අපගෙන් වැඩිදුර උපකාර ලබා ගත හැකිය.

අප සමඟ කථා කිරීමට අවශ්‍ය නම්, පහත ලෙස අමතන්න:

  • පුද්ගලික විමසීම් - 13 28 61
  • ව්‍යාපාරික විමසීම් - 13 28 66
  • විශ්‍රාම පාරිතෝෂික විමසීම් - 13 10 20

ඔබ ඉංග්‍රීසි භාෂාවට වෙනස් භාෂාවකින් කතා කිරීමට කැමති නම්, ඔබට පරිවර්තන සහ තෝල්ක සේවාව (TIS National) භාවිතා කළ හැක. මෙම නොමිලේ සේවාව මගින් ඔබගේ ප්‍රශ්නයට උදව් කිරීමට භාෂණ පරිවර්තකයෙකු සමඟ අපට ඇමතුමක් ලබා දෙනු ඇත.

පරිවර්තන සහ තෝල්ක සේවාවට (සඳුදා සිට සිකුරාදා දක්වා, පෙ.ව. 8.00 සිට ප.ව. 6.00 AEST දක්වා) දුරකථන ඇමතුමක් ලබා දෙන්න:

  • ඔබ ඔස්ට්‍රේලියාවේ සිටිනවා නම් 13 14 50
  • ඔබ ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටිනවා නම් +61 3 9268 8332.

Tax essentials

QC63667