ATO logo

අපගේ ප්‍රඥප්තිය

Know our commitments to you, what we ask of you and options if you are not satisfied – Sinhalese translation.

Published 31 August 2026

මෙහි ඇතුළත් දෑ:

අපගේ ප්‍රඥප්තිය ගැන

අපි ඔස්ට්‍රේලියාවේ බදු, සුපර්ඇනුඒෂන් සහ ව්‍යාපාර ලියාපදිංචි සේවාවන් පරිපාලනය කරමු. අපි රජයේ ප්‍රතිලාභ ප්‍රජාවට ලබාදීමටද සහාය දක්වමු.

ඔස්ට්‍රේලියාවේ අපි භුක්තිවිඳින ජීවන රටාව පවත්වාගෙන යාමට අවශ්‍ය සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, සහ ප්‍රජා යටිතල පහසුකම් වැනි අපගේ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවන්වේ.

මෙය සිදු සිදු කිරීමේදී ඔබටද භූමිකාවක් ඇත. ඔබගේ වගකීම් ඉටු කිරීමට සමහරවිට අප සමඟ එක්ව කටයුතු කිරීමට සිදුවිය හැක.

ඔබ අප සමඟ කටයුතු කරන සෑම අවස්ථාවකම ඔබගේ අත්දැකීම පහසු සහ වෘත්තීයමය බව අපි සහතික කිරීමට කැමැත්තෙමු.

මෙම ප්‍රඥප්තිය මගින්:

  • ඔබ අප සමඟ සම්බන්ධ වීමේදී ඔබ අපගෙන් බලාපොරොත්තු විය හැක්කේ මොනවාදැයි පැහැදිලි කරයි
  • අප සමඟ කටයුතු කරන සියලු දෙනාට අදාළ වේ
  • අප දෙපාර්ශවයම අනුගමනය කළ යුතු නීති, සංග්‍රහ හා මූලධර්ම මත පදනම් වේ.

අප ගන්න තීරණයක් පිළිබඳ ඔබ එකඟ නොවුවහොත්, හෝ අප ප්‍රඥප්තියට අනුකූලව ක්‍රියා නොකළ බව ඔබ විශ්වාස කළහොත්, ඔබට අනුගමනය කළ හැකි පියවරද ඇත.

අපගේ ප්‍රඥප්තියේ (NAT 75579, PDF 283KB)This link will download a file (ඉංග්රීසියෙන්) ඇති තොරතුරු මෙම පිටුවෙන් බාගත කරගන්න.

ඔබට අපගේ කැපවීම

සාධාරණ සහ යුක්තිගරුක ලෙස සැලකීම

අපගේ ඔබ සමඟ ඇති සම්බන්ධය අන්‍යෝන්‍ය විශ්වාසය සහ ගෞරවය මත පදනම් වේ. අපි කරන සෑම කාර්යයක්ම සාධාරණ, ගුණගරුක සහ වගවීමෙන් ක්‍රියා කිරීමට අපි කැපවෙමු.

අපි මෙසේ ක්‍රියා කරමු:

  • ඔබට ආචාරශීලීව, සැලකිලිමත්ව සහ ගෞරවයෙන්, සැලකීම
  • අවංකව සහ ඒකාග්‍රතාවයෙන් (ඉංග්රීසියෙන්) කටයුතු කරමු
  • අපක්‍ෂපාත වීම සහ සද්භාවයෙන් කටයුතු කිරීම
  • වෙනත් හේතුවක් නොමැති නම් ඔබ අවංක ලෙස සැලකීම සහ ඔබට පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබාදීම
  • වෘත්තීය උපදේශකයෙකු වැනි ඔබ නියෝජනය කිරීමට ඔබ තෝරාගත් පුද්ගලයින් සමඟ කටයුතු කිරීම.

වෘත්තීයමය සේවාව

නීතිය යටතේ ඔබට ඇති අයිතිවාසිකම් සහ වගකීම් සංකීර්ණ විය හැකි බව අපි දනිමු. ඔබගේ අයිතිවාසිකම් තේරුම් ගැනීමට සහ ඔබගේ වගකීම් ඉටු කිරීමට උපකාර වන විශ්වාසදායක, පහසුවෙන් ලැබිය හැකි සහ ප්‍රයෝජනවත් තොරතුරු සහ සේවාවන් ලබා දීම අපගේ අරමුණයි.

අපි මෙසේ කටයුතු කරමු:

  • ප්‍රතිචාරශීලීව සිටිමින් කාලෝචිත, නිවැරදි සහ පහසුවෙන් තේරුම් ගත හැකි තොරතුරු ලබා දීම
  • අපගේ නිපයුම් සහ සේවාවන් පහසුවෙන් භාවිත කළ හැකි සහ ඔබව ඇතුලත් වන පරිදි සැලසුම් කිරීමට ප්‍රජාව සමඟ එක්ව කටයුතු කිරීම
  • විකල්ප ක්‍රමයක් වඩා සුදුසු වන තුරු අපගේ සේවාවන් ඩිජිටල් ආකාරයෙන් ලබා දීම.

සහාය සහ උපකාර

මිනිසුන්ට විවිධ අවස්ථාවලදී, විවිධ ආකාරයේ සහාය අවශ්‍ය විය හැකි බව අපි අවබෝධ කරගෙන සිටිමු. ඔබ අවදානම් තත්ත්වයන් අත්විඳියි නම්, අසීරු කාලයන් ගත කරයිනම් හෝ අර්බුදකාරී සිදුවීම් වල බලපෑමට ලක්ව සිටින විට ඔබගේ වගකීම් ඉටු කිරීම අපහසු විය හැකි බව අපි දනිමු. බොහෝ අවස්ථාවලදී අපට ඔබගේ වගකීම් බැහැර කල නොහැකි නමුත්, ඒවා ඉටු කිරීමට අප විසින් ඔබට උපකාර කළ හැකි ක්‍රම තිබිය හැක.

අපි මෙසේ කටයුතු කරමු:

  • ඔබගේ තත්ත්වය අසා හැකි තරම් ඒවා සැලකිල්ලට ගැනීම
  • අර්බුදකාරී අවස්ථා සහ අසීරු කාලවලදී සහාය ලබා දීම
  • අපගේ සේවාවන් තේරුම් ගැනීමට හෝ ප්‍රවේශ වීමට ඔබට උදව් අවශ්‍ය නම් උපකාර ලබා දීම.

ඔබගේ දත්ත ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය

ඔබගේ තොරතුරු සහ දත්ත ආරක්ෂා කිරීමේ වගකීම අපි ඉතා බරපතළ ලෙස සලකමු. නූතන ඩිජිටල් ලෝකයේ ඔබගේ පුද්ගලික තොරතුරුවල පෞද්ගලිකත්වය සහ ආරක්ෂාව කොතරම් වැදගත්දැයි අපි දනිමු.

අපි මෙසේ කටයුතු කරමු:

ඔබව දැනුවත්කර තැබීම

ඔබත් සමඟ සහ ප්‍රජාව සමඟ ඇති සම්බන්ධතා තුළ පාරදෘශ්‍යතාවය සහ වගකීම පවත්වා ගැනීමට අපි කැපවී සිටින්නෙමු.

අපි මෙසේ කටයුතු කරමු:

  • අපගේ තීරණ පැහැදිලි කිරීම
  • අපගේ ප්‍රගතිය පිළිබඳ ඔබට නිරන්තරයෙන් දැනුම් දීම
  • ඔබගේ අයිතිවාසිකම්, වගකීම් සහ සමාලෝචන විකල්ප පැහැදිලිව සන්නිවේදනය කිරීම
  • අදාළ අවස්ථාවලදී, අපට තීරණ ගැනීමට උපකාර වන ඔබගේ තොරතුරු වෙත ඔබට ප්‍රවේශය ලබා දීම (ඉංග්රීසියෙන්).

අපි ඔබගෙන් ඉල්ලා සිටින දේ

ඔබගේ තත්ත්වය අනුව, නීතිය යටතේ ඔබට විවිධ වගකීම් තිබේ.

  • අපට ආචාරශීලී ලෙස, සැලකිල්ලෙන් සහ ගෞරවයෙන්, සලකන්න.
  • සත්‍යවාදීව සිටින්න සහ නීතියට අනුකූලව ක්‍රියා කරන්න.
  • අපගේ ප්‍රශ්නවලට නිසි කාලයට පිළිතුරු දී, අදාල සියලු තොරතුරු අපට ලබා දෙන්න. අපට තේරුම් ගන්නා දේ නිවැරදිද සහ තත්කාලීන දැයි තහවුරු කර ගැනීමට, අපි ඔබගෙන් ප්‍රශ්න අසන්නෙමු හෝ වැඩි තොරතුරු රැස් කරන්නෙමු (ඉංග්රීසියෙන්).
  • ඔබ වෙනුවෙන් වෙනත් කෙනෙකු නියෝජනය කරන්නේ නම්, කරුණාකර අපට දන්වන්න. අපට ලබා දෙන තොරතුරු නිවැරදි බව තහවුරු කිරීම සඳහා වගකීම තවමත් ඔබ සතුවේ.
  • අයදුම්පත් යොමු කිරීම සහ මුදල් ගෙවීම ඇතුළු ඔබගේ වගකීම් (ඉංග්රීසියෙන්) සපුරාලන්න. ඔබට එය නියමිත දිනට පෙර කළ නොහැකි නම්, අපට ඔබට සහාය දිය හැකි වන පරිදි, නියමිත දිනයට පෙර හැකි ඉක්මනින් අපට දන්වන්න.
  • හොඳ වාර්තා තබා ගෙන අවශ්‍ය විට ඒවා අපට ලබා දෙන්න.
  • ඔබගේ අනන්‍යතා තොරතුරු ආරක්ෂිතව තබා ගැනීමට අවධානය යොමු කරන්න, එසේම ඔබගේ විස්තර වෙනස් වුවහොත් අපට දන්වන්න.

ඔබට තීරණයක් සමාලෝචනය කිරීමට අවශ්‍ය නම් අනුගමනය කළ යුතු පියවර

අපගේ තීරණවල වරදක් ඇති බව ඔබ විශ්වාස කරන්නේ නම්, ඔබගේ කනස්සල්ල ඉක්මනින් සහ සරල ලෙස විසඳීමට අපි ඔබ සමඟ එක්ව කටයුතු කරමු.

නීතිය වෙනස් කිරීමට අපට නොහැක. කෙසේ වෙතත්, නීතිය ඔබගේ තත්ත්වයට කෙසේ අදාළ වේදැයි ඔබට තේරුම් ගැනීමට අපට උපකාර කළ හැක.

නීතිමය සමාලෝචන අයිතිවාසිකම් (ඉංග්රීසියෙන්) සහ පැමිණිල්ලක් ඉදිරිපත් කරන ආකාරය ඇතුළුව, ඔබට ඇති විකල්පයන්ද අපි පැහැදිලි කර දෙන්නෙමු.

පළමු පියවරක් ලෙස, ඔබගේ කනස්සල්ල විසඳිය හැකිදැයි බැලීමට අප සමඟ සාකච්ඡා කරන්න. ඔබට කතා කළ හැකි විශේෂිත සම්බන්ධතා පුද්ගලයෙකු ලබාදී තිබිය හැක, නැතිනම් ඔබට අප හා සම්බන්ධ විය හැක (ඉංග්රීසියෙන්).

මුල් තීරණය ගැනීමේදී සම්බන්ධ නොවූ ස්වාධීන නිලධාරියෙකු විසින් අපගේ බොහෝ තීරණ සමාලෝචනය කිරීමටද ඔබට ඉල්ලිය හැක.

ඔබ අපගේ අභ්‍යන්තර සමාලෝචනයට එකඟ නොවුනහොත්, ඔබට බාහිර සමාලෝචනයක් (ඉංග්රීසියෙන්) ඉල්ලා සිටිය හැක. බොහෝ අවස්ථාවලදී, බාහිර සමාලෝචනයක් ඉල්ලීමට පෙර, ඔබ අපගෙන් අභ්‍යන්තර සමාලෝචනයක් ඉල්ලා, එහි ප්‍රතිඵලයෙන් අසතුටට පත්වී තිබිය යුතුය.

ඔබ විරෝධය පළ කරන තීරණයේ ස්වභාවය අනුව, අධිකරණ හෝ පර්ෂද වැනි බාහිර සමාලෝචන විකල්ප කිහිපයක් ඔබට තිබිය හැක.

අපගේ සේවාව පිළිබඳ ඔබ සෑහීමකට පත් නොවුනහොත් අනුගමනය කළ යුතු පියවර

අපගේ සේවාව වැඩිදියුණු කරගෙන යාමට, ඔබ සතුටු නොවන අවස්ථා ගැන දැන ගැනීම අපට ඉතා වැදගත්වේ.

අපි ඔබගේ අපේක්ෂාවන් සපුරා නොතිබුණහොත්, හෝ අපි අපගේ ප්‍රඥාප්තියට අනුකූලව ක්‍රියා නොකළ බව ඔබ සිතන්නේ නම්, ඔබට අනුගමනය කළ හැකි පියවර කිහිපයක් ඇත:

  1. පළමු පියවර ලෙස, ඔබගේ ගැටලුව විසඳීමට උත්සාහ කරන ATO නිලධාරියෙකු සමඟ ඔබගේ කනස්සල්ල සාකච්ඡා කරන්න. ඔබට කතා කළ හැකි විශේෂිත සම්බන්ධතා පුද්ගලයෙකු ලබාදී තිබිය හැක, නැතිනම් ඔබට අප හා සම්බන්ධ විය හැක (ඉංග්රීසියෙන්).
  2. ඔබ තවමත් සෑහීමට නොවුනහොත්, කළමනාකරු සමඟ කතා කිරීමට ඉල්ලිය හැක.
  3. මේ මගින් පවා ඔබගේ කනස්සල්ල විසඳා නොමැති නම්, අපගේ ක්‍රියාවලි වැඩිදියුණු කිරීමට ප්‍රතිචාර ලබා දිය හැක (ඉංග්රීසියෙන්), හෝ නිල පැමිණිල්ලක් ඉදිරිපත් කළ හැක (ඉංග්රීසියෙන්).

අපි සියලුම පැමිණිලි බරපතළ සලකන අතර, ඒවා ඉක්මනින් සහ සාධාරණ ලෙස විසඳීම අපගේ අරමුණයි.

පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් ඔබගේ අප සමඟ ඇති සම්බන්ධතාවයට කිසිදු බලපෑමක් නොවේ.

අපට පැමිණිල්ලක් කළ පසු ඔබ තවමත් සෑහීමකට පත් නොවුනහොත්, ස්වාධීන පරීක්ෂණයක් සඳහා ඔබට බදු ඔම්බුඩ්ස්මන්External Link (Tax Ombudsman) සමඟ සම්බන්ධ විය හැක.

පහත අවස්ථාවලදී ඔබට අපගෙන් වන්දි (ඉංග්රීසියෙන්) ඉල්ලා සිටිය හැක:

  • අපගේ ක්‍රියාකාරකම් නිසා නීතිමය වගකීමක් ඇතිවූ බව ඔබ විශ්වාස කරන්නේ නම්
  • අපගේ දේෂ සහගත පරිපාලනය හේතුවෙන් ඔබට මූල්‍ය හානි සිදුවී ඇත්නම්.

අපව සම්බන්ධ කරගන්නේ කෙසේද

අප ඔබට දෙන ඕනෑම කැපවීමක් හෝ අපි ඔබගෙන් ඉල්ලන දේ පිළිබඳව ඔබට ප්‍රශ්න හෝ කනස්සල්ලක් තිබේ නම්, අපව සම්බන්ධ කර ගන්න (ඉංග්රීසියෙන්), නැතිනම් වෘත්තීය උපදේශකයෙකු සම්බන්ධ කරගන්න.

සහාය දෙන නීතිමය මාර්ගෝපදේශය

මෙම මාර්ගෝපදේශය (ඉංග්රීසියෙන්) මගින්, අපගේ ප්‍රඥාප්තියට සහාය වීම සඳහා, අපගේ වගකීම්වලට අදාළ ප්‍රධාන නීති පිළිබඳ සාරාංශයක් ලබා දෙයි.

QC107970